බිම්මල්

බිම්මල්[හතු] වගාව ඔබ දන්නවාද?





බිම්මල් එහෙම නෑත්නම් කවුරුත් දන්න විදියට හතු අපිට නුපුරුදු දෙයක් නම් නෙවෙයිනේ.කොටින්ම කියනවා නම් කන්න ගන්න පුස් විශේශයක්.දිලිර තම වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා විශේශිත වු උපක්‍රමයේ ප්‍රතිපල තමයි අපි ආහාරයට ගන්නේ හතු කියලා.පෝශණ ගුනය වගේම ඖශදීය ගුනයෙනුත් බිම්මල් පරිපුර්ණ අහාරයක් විදියටයි සෑලකෙන්නේ.විශේශයෙන්ම රක්තහීනතාවයට හා ලියුකේමියා රෝගය පාලනය කිරීමෙත් සුවිශෙශි ගුනයක් මේ හතුවල තියෙනවා කියලා සදහන් වෙනවා.ඒ නිසාම තමයි අපි කවුරුත් දන්න ස්වභාවික හතු වර්ග[මාවෑලි හතු,උරුපහ]වලට අමතරව ස්වයං රෑකියාවක් විදියටත් බිම්මල් වගාව ජනප්‍රිය වෙලා තියෙන්නේ.වගාවක් කිව්වාට මේක ගෙවත්තේ කරන වගාවක් එහෙම නම් නොවෙයි.මොකද සමහර අය ඒක පටලවා ගන්නවා.බිම්මල් වගාවක් කරමුද කියලා මම අහපු ගොවි මහත්වරු කීප දෙනෙක්ම මට දිපු උත්තරේ තමයි මහත්තයා වත්තේ ඉඩ නම් නෑ .වතුර ගහන්නත් ටිකක් අමාරුයි.කියලා.එත් ඉතින් එක අතකට එහේම කියපු එක පුදුමයකුත් නෙවෙයි.හොදට මතක තියාගන්න මේ වගාව අපි කරන්නේ පරිසර තත්ව පාලනය කරපු බිම්මල් ගෘහයක් තුල.එහෙම නෑත්නම් නිවසේම කාමරයක් අපිට මේ සදහා යොදා ගන්න පුලුවන්.පරිසර තත්ව පාලනය කරපු ගෘහයක් කියලා මම කිව්වේ මේ හතු වගා කරන්න පරිසරයේ තෙතමනය ඒ කිව්වේ ආර්ද්‍රතාවය ටිකක් වෑඩි වෙන්න ඕන.ඒකට අපි උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා.බිමට යොදාගන්නේ තෙත් කරපු වෑලි තට්ටුවක්. ඒ වගේම ගෘහය තුල මීදුමක් වගේ ජලය ස්ප්‍රේ කිරීම කරනවා. වගේම බිම්මල් දිලීර ජාලය වර්දනය වන අවස්තාවෙදි ගෘහය තුල අදුරු පරිසරයකුත් අස්වනු නෙලීම සිදු කරන කාලයේ අලෝකයත් තියෙන්න ඕන.මේකෙදි වෑදගත්ම දේ තමයි දිලීර එහෙම නෑත්නම් හතු වෑවිමට සුදුසු මාද්ය සාදා ගන්න එක.ප්‍රධාන වශයෙන් ම ගන්නේ ලී කුඩු.එවත් ශක්තිමත් අරටුවක් නෑති ගස්[ඈල්බීසියා,අබ] වලින් ගත්තු ලී කුඩු වීම ඉතාම වෑදගත්.ඊට අමතරව සහල් නිවුඩු,මුං පිටි ,හා රසායනික වශයෙන් මෑග්නීසියම් සල්ෆේට් .තමයි මේ මිශ්‍රණය සෑදිමට අවශය වන්නේ.